Sep 29, 2013

කුරුලෑ ක‍්‍රීම් රැවුල බෑමට ගා මුහුණ විකෘති කරගෙන

රැවුල බෑම සඳහා මුහුණේ කුරුළෑ ඉවත් කිරීමට යොදා ගන්නා ක‍්‍රීම් වාර්ගයක් මුහුණේ ගා අසාත්මිකතාවයක් නිසා මුහුණ පුරා බිබිලි මතුවූ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වේ.
මොහු තම පෙම්වතිය සමග නගරයට පැමිණියේ සවාරියක් යෑම සඳහාය. පෙම්වතිය සමග යෑමට තියෙන කැමැත්ත නිසා මොහුට රැවුල කපා ගැනීමට තිබෙන කාලය ප‍්‍රමාණවත් නොවූ හෙයින් කමක් නෑ මම
නගරයේ තිබෙන බාබර් සාප්පුවකින් රැවුල කපා ගන්නවයි සිතා නගරයට පැමිණ පෙම්වතිය බස් නැවතුම් පොළේ නවතා ඔහු රැවුල කැපීම සඳහා සැලූන් එකක් වෙත ගියේ බඹරයක වේගයෙනි.
ඔහු රැවුල කැපීම සඳහා පැමිණියේ ඔහුගේ යහළුවකුගේ බාබර් සාප්පුවකටය. රැවුළ කැපීම සඳහා විනාඩි දහයක පහළොවක පමණ කාලයක් ගත වන්න විය. රැවුල කපා අවසන් වී මුහුණට වතුර දා සෝදා අවසන් වනවාත් සමගම බාබර් සාප්පුවේ යහළුවාට දුරකථන ඇමතුමක් පැමිණියේය.
ඔහු දුරකථනයට උත්තර දෙන්නට පටන් ගත්තේ බාබර් සාප්පුවෙන් මඳක් එළියට ගොසින්ය. මේ මොන කරදරයක් ද කියා සිතූ මොහු තනියෙන්ම එහි තිබූ ටිෂුකඩදාසියක් ගෙන මුහුණ පිහිදා එහි තිබූ ක‍්‍රීම් වර්ගයක් මුහුණේ ගා ගෙන හරි මචං මම වැඬේ කර ගත්තා කියා ඔහුටද මුදල් දී සැලූන් හලෙන් නික්ම ගියේ විදුලි වේගයෙනි.
නැවත ඔහු තම පෙම්වතිය සමග බසයට ගොඩවී ඔවුන්ගේ සවාරියට පිටත් වූයේ මහත් උජාරුවෙනි. එදින නිමා වී ඊළඟ දවස උදා විය. උදෑසන අවදි වී මුහුණ බලන කොට ඔහුට අදහාගත නොහැකි දෙයක් සිදු වී තිබිණි.
මුහුණ පුරාවට රතු පාට බිබිලි මතුවී තිබිණි. මහත් කලබලයට පත්වූ ඔහු නැවත ගියේ ඔහුගේ යහළුවාගේ සැලූන් එකටය. එහිදී ඔහු යහළුවාට කාරණය පිළිබඳ පැහැදිලි කළේය.
එවිට ඔහු කීවේ උඹ මාර මිනිහෙක්නෙ ඒ උඹ ගාල තියෙන්නෙ කුරුලෑවලට ගාන්න තියන ක‍්‍රීම් එකක්නෙ. එසේ පැවසූ විට ඔහු ඔළුවේ අත ගහගත්තේය.

No comments:

Post a Comment