Sep 22, 2013

පළමු සමලිංගික ජනාධිපතිවරිය හිලරි ක්ලින්ටන්

2016 වසරේදී ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වුවහොත් පළමු සමලිංගික ජනාධිපතිවරිය ලෙසද වාර්තාවක් තැබීමට හිලරි ක්ලින්ටන්ට හැකිවනු ඇතැයි ඇමරිකානු පවුල් සංගමයේ බ‍්‍රයන් ෆිෂර් පවසයි.

සමලිංගික විරෝධියකු ලෙස නම් දරා සිටින බ‍්‍රයන් දක්වා ඇත්තේ හිලරි ද්වි ලිංගික යයි බිල් තමන්ට පැවසූ බව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ අනියම් පෙම්වතිය වූ ජෙනිෆර් ෆ්ලවර්ස් ඬේලි මේල් පුවත්පතේ ලෝරා කොලින්ස්හට පැවසූ බවයි.

නිව්යෝක් නගරාධිපති ධුරයට තරග වැද පරාජය වූ ඇන්තනි වෙයිනර්ගේ බිරිඳ වන හියුමා ඇබෙඩින් සමග හිලරිගේ සම්බන්ධයක් ඇති බව ජෙනිෆර් ෆ්ලවර්ස් විසින් හෙළි කර ඇතැයි පැවසූ බ‍්‍රයන් ෆිෂර් පවසන්නේ හිලරි ක්ලින්ටන්ට පළමු ජනාධිපතිවරිය මෙන්ම සමලිංගික රාජ්‍ය නායිකාව වීමේ අවස්ථාවද උදාවනු ඇති බවයි.

පිරිමි සහ කාන්තා සමලිංගික, ද්විලිංගික සහ අන්තර් ලිංගික කටයුතු වලට එරෙහි විය යුතු යයි ඇමරිකානු ජනාධිපතිවරයාට බලකර සිට ඇති බ‍්‍රයන් මේ වසර මුලදී ඔබාමාගේ පළමු කථාව මගින් සමලිංගික අයිතීන් පිළිගැනීමෙන් අනතුරුව ඔහු දැඩි ලෙස විවේචනය කර ඇතැයි පැවසේ.
මෛථුනයේ යෙදීමට සමලිංගිකයන්ට ව්‍යවස්ථාමය අයිතියක් නොමැති බව දක්වන ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සියලූ මිනිසුන් සමානයන් ලෙස උපත ලබනමුත් කිසිවකුත් සමලිංගිකයකු ලෙස උපත නොලබන බවයි.

No comments:

Post a Comment