Sep 22, 2013

දයාසිරි පළාත් සභා වාර්තාවක් තබයි… මනාප 336,327.. වැඩි ඡන්ද ලක්‍ෂ දෙකයි

වයඹ පළාත් සභාවේ මනාප ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන්ව ඇති අතර මෙතෙක් පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුල වාර්තාගත මනාප සංඛ්‍යාවයක් වාර්තා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා මනාප 336,327ක් ලබා පළමු ස්ථානයට පත්ව තිබේ.
මීට ඉහත පළාත් සභා මැතිවරණයකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1994 වසරේදී මනාප 297,000ක් පමණ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ලබා ගෙන තිබිණ.

දිස්ති‍්‍රක්කයේ දෙවැනි තැනට පත්ව සිටින අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප‍්‍රනාන්දු මනාප 134,423ක් සහ තෙවැනි ස්ථානයට පත්ව සිටින ඞී.බී. හේරත් මනාප 60,767ක් ලබා සිටී. ජී. දෙහිගම මහතා මනාප 59016ක්ද හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා මනාප 47014ක්ද ලබා සිටී.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද පළමුවර ගණන් කිරීමට අපේක්‍ෂක ජොහාන් ප‍්‍රනාන්දු සහ ටිකිරි අධිකාරී විරුද්ධ වූ බැවින් නැවත වරක් මනාප ගණන් කිරීම සිදු විය.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ආසනය වූ නිකවැරටිය සහ ටිකිරි අධිකාරී මහතාගේ ආසනය වූ පොල්ගහවෙල ආසනනවලදී ඔවුන් අභිබවා දයාසිරි ජයසේකර මහතා මනාප ලබා සිටීම හේතුවෙන් දෙවැනි වර ගණන් කිරීමට යෝජනා විය.

සමස්ථයක් ලෙස දිස්ත‍්‍රික්කයේ සියළුම ආසනවල වැඩිම මනාප ප‍්‍රමාණය ලබා ගැනීමට දයාසිරි ජයසේකර මහතා සමත්ව තිබේ.

No comments:

Post a Comment