Sep 22, 2013

ඡන්දය දූෂිතයැයි ඔප්පු කළොත් විශ‍්‍රාම වැටුපත් නැතිව ඉල්ලා අස්වෙනවා

වයඹ මධ්‍යම සහ උතුර යන පළාත් සභාවල ඊයේ පැවැත් වූ ඡන්ද විමසීමේ අවසන් ප‍්‍රතිපලයට අනුව පළාත් දෙකකම බලය ඉහළින්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගනු ලැබීය.මධ්‍යම හා වයඹ බලය වාර්තාගත ලෙස සන්ධානයට හිමිවෙත්දී තීරණාත්මක උතුරු පළාතේ බලය දෙමළ සන්ධානයට හිමි විය.එක්සත් ජාතික පක්ෂය මහනුවර අසුන පමණක් ජයගත් අතර

ඉකුත් වසරවල තිබූ ඡන්ද ප්‍රථිශතය බරපතල කඩා වැටීමකට ලක්ව තිබිනි.ජනතා විමුක්ති පෙරමුණද ඉතා උග්‍ර නා‍ය යාමකට ලක්වෙද්දී සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉතා සැලකියයුතු ඉදිරියක් පෙන්වා තිබිණි.එම පක්ෂය මේවනවිටත් මන්ත්‍රී ආසන 6ක් ලබා ඇත.
මේ අතර වයඹ මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණයේදී කිසියම් ජන්ද මධ්‍යස්ථානයක ජන්ද පෙට්ටි මාරු කිරීමක් හෝ ජන්ද පෙට්ටි බලහත්කාරයෙන් පිරවූ බවට ඔප්පු කළහොත් තම විශ‍්‍රාම වැටුපද රහිතව ධූරයෙන් ඉල්ලා අස්වන බව
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

එවැනි සිදුවීමක් ඔප්පුකළහොත් තමා විශ‍්‍රාම වැටුපද රහිතව ඒ මොහොතේමඉල්ලා අස්වන අතර එවැන්නක් සනාථ කිරීමට ඉදිරිපත් වන්න්නැයි  ඕනෑමපුද්ගලයෙකුට දිවි පරදුවට තබා අභියෝගයක් කරන බවද ඔහු සඳහන් කරයි. 

No comments:

Post a Comment