Sep 20, 2013

මේ ප්‍රශ්න නම් සල්මන්ගෙන් අහන්න එපාලු

සල්මන් ඛාන් කිසිවකු ඔහුගෙන් නොඇසිය යුතු ප්‍රශ්න තුනක් ගැන පසුගිය දා මාධ්‍යයට පවසා සිටියා. එහි පළමුවැන්න වූයේ බොලිවුඩයේ මෙතරම් සුරූපිනීන් සිටිය දී විවාහ වන්නේ කවදාද යන්නයි.
දෙවැන්නත් අපූරු ප්‍රශ්නයක්. එනම් ඔහුගේ හිටපු පෙම්වතිය වන කත්‍රිනා කායිෆ් ගැන අහන ප්‍රශ්නයි. මේ පිළිබඳව ද ඔහුගෙන් නොඅසන ලෙසට සල්මාන් ඉල්ලා සිටිනවා. පසුගිය දිනක
කත්‍රිනා කායිෆ් ඇගේ නව පෙම්වතා වන රන්බිර් කපූර් සමග බිකිනියකින් සැරසී සිටීම පිළිබඳව ද සල්මන් මධ්‍ය හමුවේ සිය අප්‍රසාදය පළකර සිටියා.වඩාත්ම සාර්ථක වූ චිත්‍රපටය කුමක්දැයිද තමන්ගෙන් අසන්නට එපා යැයි සල්මාන් ඉල්ලා සිටියා. දේශපාලකයන් පමණක් නොව නළුවන් ද සමහර ප්‍රශ්නවලට කැමැති නොවන බව සල්මාන් පවසා තිබුණා.

No comments:

Post a Comment