Sep 20, 2013

බෙකම් ‘වික්ටෝරියා’ නමින් තවත් පච්චයක් කොටයි

ඩේවිඩ් බෙකම්ට සහ වික්ටෝරියා බෙකම්ට කවදත් විලාසිතා මවන්නන් අතර හිමිවන්නේ මුල් තැනක්. ඒ කොතැනකදී වුණත් මේ දෙන්නා කැපී පෙනෙන ඇඳුම්වලින් හැඩවෙලා ඉන්න නිසා.
පසුගිය සතියේදීත් බෙකම් යුවළ තමන්ගේ ඇඳුම් නිසා කැපී පෙනෙන තරු දෙකක් බවට පත් වුණා. බෙකම් යුවළම සැරසිලා හිටියේ කළු පැහැ ඇඳුම්වලින්. දෙදෙනාගේම ඇඳුම්වල තරමක සමානකමක් තිබිම වඩාත් කැපී පෙනෙුණු බව කියැවෙනවා. මේ සාදයේ දී බෙකම් යුවළගේ ඇඳුම්වලටත් වඩා කැපී පෙනුණු දෙයක් පළමු වතාවට
කැමරාවලට හසුවුණු බවත් කියැවෙනවා. ඒ තමයි ඩේවිඩ් බෙකම් අතේ තිබුණු අලුත්ම ටැටූ නිර්මාණය. මේ ටැටූ එකෙන් සලකුණු වෙලා තිබුණේ ‘වික්ටෝරියා’ කියන වචනය. මේ ටැටූ සලකුණ බෙකම්ගේ දෙවැනි වික්ටෝරියා ටැටූ එක බවත් කියැවෙනවා. ඒ ටැටූවලට බොහොම ප්‍රිය කරන බෙකම් තමන්ගේ ටැටූ අතරට මින් පෙරත් ‘වික්ටෝරියා’ ලෙස සඳහන් ටැටූ එකක් එකතු කරගෙන තිබිම. කොහොම වුණත් කවුරුත් කියන්නේ වික්ටෝරියා වෙනුවෙන් තමන්ගේ සිතේ තියෙන ආදරය මෙවැනි දේවල්වලින් පෙන්වන බවයි. දරුවන් හතරදෙනකුට දෙමව්පියන් වෙලා ඉන්න බෙකම් යුවළගේ මේ බැඳීම ශක්තිමත් වෙන්නට දරුවනුත් හේතුවක් බවත් බොහෝ දෙනා කියනවා.

No comments:

Post a Comment