Sep 29, 2013

කුඩුකාරයාට මිනී වළ කපා දෙයි


හම ඇතුලතින් කා දමන කෘත්‍රිමව හෙරොයින් ප‍්‍රභේදයක් ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.
මෙම හෙරොයින් වර්ගය භාවිතා කළ පුද්ගලයින්ගේ සම මුළුමනින්ම පාහේ සිදුරු වී විනාශ වී ගොස් ඇත්තේ ඇට පිටතට නිරාවරණය කරමින්ය.
වෛද්‍යවරුනටත් මේ බව දැනගන්නට ලැබී ඇත්තේ මෙසේ හෙරොයින් විද ගත් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය.
සම මෙසේ විනාශ වීමට හේතුව වී ඇත්තේ හෙරොයින් වලට මිශ‍්‍රකර තිබෙන්නට ඇති වෙනත් රසායනිකයන් බව වෛද්‍යවරුන්ගේ මතයයි.
සියයට සියයක් පිරිසිදු හෙරොයින් මිලෙන් අධික වීම නිසා පිරිසිදු හෙරොයින් ස්වල්පයකට විවිධාකාර දෑ කළවම් කර භාවිතයට ගැනීමට මත්කුඩු භාවිතා කරන්නෝ පුරුදුව සිටී.
එවන් හෙරොයින් වර්ගයක් මෙසේ සම විනාශවී යෑමට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ.


No comments:

Post a Comment