ඉතින් රංසි කොහොමද අලුත් ජීවිතේ?
හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
අලුත බැඳපු ජෝඩුව නිසා සැමියාගෙන් ලැබෙන ආදරයත් වැඩි ඇති?
අනේ ඔව්. වචනයට කියනවා නෙවෙයි. එයාගෙන් ලැබෙන ආදරය හරිම
සුන්දරයි. එයා කොහොමත් එච්චර කතා කරන කෙනෙක් නෙවෙයි. කොහොම වුණත් ආදර කතා නොකිව්වත් එයා මට ගොඩක් ආදරෙයි කියලා මං දන්නවා.හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
අලුත බැඳපු ජෝඩුව නිසා සැමියාගෙන් ලැබෙන ආදරයත් වැඩි ඇති?
අනේ ඔව්. වචනයට කියනවා නෙවෙයි. එයාගෙන් ලැබෙන ආදරය හරිම
දැන් ඉතින් ඔයා බිරිඳක්නේ. වගකීම් කොහොමද දැනෙන්නේ?
වගකීම් නම් තියෙනවා බිරිඳක් විදිහට. පවුලක් විදිහට අපි දෙන්නගේ වගකීම් අපි දන්නවා.
දැන් ඉතින් ඔයාලාගේම ගේ පොඩ්ඩකද පදිංචි?
නැහැ. තාම ඉන්නේ රජිතගේ මහ ගෙදර. එයා පවුලේ බාලයා. ඒක නිසා එයා තීරණය කළා මහ ගෙදර ටික කාලයක් නතර වෙන්නට. ඒ නිසා ටික කාලයක් අපි එහේ පදිංචිවෙලා ඉන්නවා.
එහෙනම් නැන්දම්මාගෙන් එහෙම හොඳට සැලකුම් ලැබෙනවා ඇති?
ඇත්තටම ඔව්. මට තාම පිට ගෙදරක ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. වචනයට කියනවා නෙවෙයි එයාලා මට හරිම ආදරෙයි.
ඔයා ජනප්‍රිය නිසාද රජිත ඔයාට කැමැති වුණේ?
අනේ නැහැ. එයා කොහොමත් .ඊ. කරන කෙනෙක්නේ. එයා මාව දන්නෙන් නැහැ වැඩිය. එයාලගේ පවුලේ අයයි, අපේ පවුලේ අයයි කොහොමත් හිතවතුන්. ඒ මත ගොඩනැගුණු බැඳීමක් තියෙන්නේ. මගේ වෘත්තිය ගැටලුවක් වුණේ නැහැ.
ඔයාලගේ ආදර කතාව කොච්චර පැරණිද?
අවුරුද්දක් විතර.
මෙච්චර කෙටි කාලෙකින් කෙනෙක්ව හඳුනා ගන්න පුළුවන් වුණාද ඔයාට?
කාලයක් ආශ්‍රය කළත් නැතත් වෙන්වෙන කෙනා වෙන් වෙනවා. රජිතව මට දැනුණා හරි ඉක්මනට. ඒ බැඳීම අති විශාලයි.
මේ ඔයාගේ පළමුවැනි ආදරේද?
නැහැ. මේ මගේ පළමුවැනි ආදරේ නෙවෙයි. ඒත් රජිත තමයි මට හම්බවුණු හොඳම කෙනා.
රජිතගේ පළමුවැනි ආදරේද ඔයා?
නැහැ. එයාගෙත් මම පළමුවැනි ආදරය නෙවෙයි.
ඔයාගේ ජනප්‍රියත්වය නිසා ආදරය ඉල්ලාගෙන පස්සෙන් ආපු අය නැද්ද?
එහෙම අය ඇති. එයාලා ආදරේ මට නෙවෙයිනේ. ඒවා මං තේරුම් අරගෙන ඉන්නේ.
ඔයාගේ නමට කළු පැල්ලම් එකතු වෙලාම නැද්ද?
මම ආත්ම ගරුත්වය රැකගෙන ඉඳලා තියෙනවා. මට පුළුවන් වුණා මගේ දක්ෂතාව හඳුනා ගත්ත. මිනිස්සු එක්ක වැඩ කරන්න. ඒ හයිය මට තියෙනවා.
මොකක්ද ඔයා ඔය කියන හයිය?
මම හොඳට ඉගෙන ගෙන මේ ක්ෂේත්‍රයට ආවේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් විදිහට අධ්‍යාපනික පසුබිමක් තියාගෙන ආපු නිසා මට කශේරුකාවක් තියාගෙන වැඩ කරන්න පුළුවන් වුණා. ඒ පසුබිම තියාගෙන තමයි පිට කොන්දක් තියාගෙන මම වැඩ කළේ.
ඉක්මන් තීරණයක් ගත්තා කියලා හැරෙන්න හිතුණොත් ඔයාට දැන් හැරෙන්න බැහැ කියලා දන්නවාද?
මට හැරෙන්න ඕනෙත් නැහැ. මගේ සැමියාගේ ආදරය මට ඉහටත් උඩින් විශ්වාසයි.
විවාහයකට සැමියා අතීතයේ කළ කී දෑ ගැටලුවක් නෙවෙයිද?
මම හිතන්නේ අතීතය ගැන නෙවෙයි වර්තමානය ගැන විතරයි.
බිරිඳක් විදිහට සැමියාව විශ්වාස කරන්න හයියක් තියෙනවාද?
ඕනෑවටත් වඩා ඒ විශ්වාසය මගේ ළඟ තියෙනවා. මගේ සැමියාගේ අතීතයේ මගේ අතීතයේ වගේම කළු පැල්ලම් නැහැ. එහෙම කළු පැල්ලමක් තිබුණ කෙනෙක් හරි මට හම්බ වුණා නම් මට එයාගේ අතීතයෙන් වැඩක් නැහැ. මොකද වර්තමානයේ එයා මට අවංක නම්.
ඔයා මොනවාද සැමියාගෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ?
ගොඩක්ම ආදරය. ඒ වගේම රැකවරණය.
ජනප්‍රිය කෙනෙක් වෙලත් සල්ලිකාරයෙක්ව කසාද බැඳගන්න තිබුණානේ?
ඇත්තටම මට ඕනේ සල්ලි නෙවෙයි. මට ආදරය කරන මනුස්සයෙක්. මේ ක්ෂේත්‍රයට ඇවිල්ලත් වසර 10ක් 12ක් විතර ගතවෙනවා. මං විවාහ වෙන්න පරක්කු වුණෙත් මට ආදරය කරන කෙනෙක් ලැබෙනකම්ම හිටිය නිසා.
විවාහය පරක්කු වුණේ ජීවිතේ තියෙන කලකිරීමක් නිසාද?
අනේ නැහැ. මට හොඳ කෙනෙක් ලැබෙනකල්ම හිටියා.
විවාහ උත්සවය ටිකක් ලොකුවට ගත්තා නේද?
මෙහෙමයි. රජිත පවුලේ බාලයා. මම පවුලේ එකම දරුවා. ඉතින් දෙමාපියන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කළා. මගෙත් ආසාවක් තිබුණා උත්සවයක් ගන්න.
ඔයා කලින් වැඩ කරපු නාළිකාවෙන් අයින් කළාද? අයින් වුණාද?
මං අයින් වුණා. මට ඒ නාළිකාව කිසිම වැරැද්දක් කරලා නැහැ. උදව් කරලා තියෙනවා මිසක්.
ඒත් ඔයාගේ අනන්‍යතාව තියෙන්නේ ඒ නාළිකාවේ කියලා හිතෙන්නේ නැද්ද?
නැහැ. මගේ අනන්‍යතාව තියෙන්නේ මගේ ළඟ. ආයතනයේ ප්‍රතිපත්ති අනුව තියෙන වැඩ හඳුනාගෙන ඊට හැඩ ගැහෙන එකයි මගේ දක්ෂතාව.

No comments:
Post a Comment