Sep 20, 2013

උතුරු, වයඹ, මධ්‍යම ඡන්ද සටන අදයි

උතුරු, වයඹ, මධ්‍යම පළාත් සභා මැතිවරණය අදයි.

අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීමේ හැකියාව පවතී. හැකිතාක් වේලාසනින් සිය ඡන්ද පොළට ගොස් ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සභික ධුර 142ක් තෝරාගැනීම සඳහා පළාත් තුනෙහිම අපේක්ෂකයින් 3785 දෙනෙක් මැතිවරණ තරග බිමට පිවිසී ඇත.

මධ්‍යම පළාත් සභාව සඳහා ඡන්දදායකයින් 1,889,557 දෙනකු ඡන්දය ලබාදීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද කොට්ඨාස 21ක් තුළ එහි ඇති මුළු ඡන්ද මධ්‍යස්ථාන ගණන 1571කි.

වයඹ පළාත් සභා මැතිවරණයට ඡන්දය ලබාදීමට සඳහා ඡන්දදායකයින් 1,754,218 දෙනකු සුදුසුකම් ලබා ඇත. එහි ඡන්ද කොට්ඨාස 19ක් තුළ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 1307කි.

උතුරු පළාත් සභා මැතිවරණයට ඡන්දය ලබාදීම සඳහා ඡන්දදායකයින් 714,488 දෙනකු සුදුසුකම් ලබා තිබේ. එහි ඡන්ද කොට්ඨාස 14ක් තුළ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 830කි.

මැතිවරණ කටයුතු සඳහා යොදවා ඇති නිලධාරීන් ගණන 40,000කට අධිකය.

සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවා ඇති අතර අවශ්‍ය වුවහොත් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි වන පරිදි පොලිස් නිලධාරීන් යොදවන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

No comments:

Post a Comment