Showing posts with label OMG. Show all posts
Showing posts with label OMG. Show all posts

Sep 29, 2013

මීයාගෙන් බේරන්න සබන් කැටය ශීතකරණයට දාලා

මෙම නිවසේ කාලයක සිට මීයෙකු ගැවසෙන්නට විය. නිවැසියන්ගෙන් ඌට කරදරයක් නොවූ නිසා මීයාගෙන්ද කරදරයක් නොවීය. මීයා රාත‍්‍රි කාලයේදී නිවස තුළ දිව්වත් නිවසේ පියා, මව සහ කුඩා දියණිය ඌ දෙස බලා සිටියා විනා හිරිහැර කළේ නැත. දිනක් ඥාති පුත‍්‍රයෙක් දින කිහිපයක් ගතකිරීම සඳහා නිවසට පැමිණියේය.

කුරුලෑ ක‍්‍රීම් රැවුල බෑමට ගා මුහුණ විකෘති කරගෙන

රැවුල බෑම සඳහා මුහුණේ කුරුළෑ ඉවත් කිරීමට යොදා ගන්නා ක‍්‍රීම් වාර්ගයක් මුහුණේ ගා අසාත්මිකතාවයක් නිසා මුහුණ පුරා බිබිලි මතුවූ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වේ.
මොහු තම පෙම්වතිය සමග නගරයට පැමිණියේ සවාරියක් යෑම සඳහාය. පෙම්වතිය සමග යෑමට තියෙන කැමැත්ත නිසා මොහුට රැවුල කපා ගැනීමට තිබෙන කාලය ප‍්‍රමාණවත් නොවූ හෙයින් කමක් නෑ මම

Sep 20, 2013

අනේ අනිච්චං - මඟුල් ගෙදර සංගීතය නන්දේගේ කවියෙන් නැවතිලා

වර්තමානයේ විවාහ උත්සවවලට සංගීත කණ්ඩායමක් සහභාගි කරවා ගැනීම විලාසිතාවක් බවට පත්ව තිබේ. මෙම සිද්ධියට අදාළ මඟුල් ගෙදරද එවැන්නකි. ආරම්භයේ සිහින් හඩින් ඇරඹෙන බටහිර සංගීතය කෑම බිම ගැනීමෙන් පසුව ශාලාව තුළ සිටින්නටවත් අපහසු ලෙස වැඩි ශබ්දයකින් සංගීතය පැතිරිණි. මධුවිත තොලගා සිටි අයගේ නැටුම් ගැයුම් මැද ශබ්දය තවත් තීව්‍ර විය.