ජර්මානු ඉලෙක්ටේරානික ආයතනයක් වන Zollner Elektronik AG ලොව විශාලම රොබෝව නිපදවා තිබේ. අඩි 30ක් උස අඩි 51ක් දිග මේ රොබෝව මකරකුගේ ආකෘතියට නිපදවා ඇත. ෆනී (Fanny) නමින් හඳුන්වන මේ රොබෝ මකරාට අඩි 40ක් පමණ විශාල අත්තටු ඇති අතර ඕනෑම තැනක ඇවිද යාමට මෙන්ම අත්තටු සැලීමටද හැකියාව පවතී.
ෆනී රොබෝ මකරාට බලය සැපයෙන්නේ දුරස්ථ පාලක හතරක්, ලීටර් දෙකක
ඩීසල් ටර්බයින එන්ජිමකින් සහ හයිඩේරාලික වැල්ව මාලාවක් මගිනි.
2014 වසරේ ගිනස් ලෝක වාර්තා පොතේ ලොව විශාලම ඇවිදින රොබෝවට හිමි වාර්තාව මේ වනවිටත් ෆනීට ලැබි තිබේ.
සම්ප්රදාය සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් වූ Tradinno ව්‍යාපෘතිය යටතේ ෆනී නිපදවා ඇත. ජර්මානු ගැමි නාට්‍යයක් වන Drachenstich හි එන මකරා ලෙස ෆනී උපත ලබා තිබේ.
No comments:
Post a Comment