Sep 13, 2013

අඹ ගසකින් රා ගලයි

මීගමුව ඒත්තුකාල ප‍්‍රදේශයේ පදිංචි මයිකල් මිරැන්ඩා මහතාට දම ජයශීලි මහත්මියට අයත් ඉඩමක පිහිටි අඹ ගහකින් රා රසයෙන් සහ සුවඳින් යුත් දියරයක් දින කිහිපයක් තිස්සේ සිට ගලන්නට පටන් ගෙන ඇත.
ජයශීලි මහත්මිය පවසන්නේ ඉකුත් 01 වැනි දින මිදුල අතුගාමින් සිටින විට අඹ ගසේ කඳ මැදින් පැළී සුදු දියර බිංදු වැටෙන්නට පටන් ගෙන ගත් බවත් ඉන් රා සුවද හැමු බව හා තොල ගා බැලූවිට රා රසය දැනුණ බවත්ය.
පසුව අඹ ගහෙන් බිංදු බිංදු වශයෙන් වැටෙන දියරය මුට්ටිවලට එක් රැස් කළ බවත් එය පානය කළ බොහෝ දෙනා එම දියරය රා වැනි මත් ගතියෙන් යුක්තව තිබු බවත් ජයශීලි මහත්මිය කීවාය.
කෙසේ වෙතත් උද්භිද විද්‍යාඥයන්ගේ මතය වනුයේ පොළොවෙන් ගසට ඇදගන්නා පෝෂණීය සාරය නිසාත් පත‍්‍රවල නිපදවෙන ආහාර නිසාත් විවිධ රස වලින් යුත් සාරය අඹ, කොහොඹ වැනි ගස්වල පළුදු වූ තැනින් පිටට එන බවයි. එවැනි දේ බීමට නුසුදුසු බව ඔවුන්ගේ මතයයි.

No comments:

Post a Comment