ඩිනක්ෂි ප්‍රියසාද් නව පරපුරේ රංගන ශිල්පිනියක්. ආකර්ෂණීය රූප සොබාවක් හිමි ඇය මේ දිනවල රූපවාහිනියේ දකිනවා වැඩියි. ඒ නිසාම ඇයගේ තොරතුරු අප සොයා බැලුවා.
ඩිනක්ෂි පසුගිය කාලේ බොහොම කාර්යබහුල වෙලා හිටියා කියලා ආරංචියි?
ඔයා අනාගතයේ ව්‍යාපාරිකාවක්ද?
කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?
රූගත කිරීම්වලට ඈත යනවා නම් අම්මා පස්සෙන් එනවා ඇති?
මේ ක්ෂේත්‍රයේ ගෑනු ළමයින්ට තනියෙන් ඉන්න අමාරුයිනේ?
ගැටලුවක් වෙන්නම ඕනේ නෑනේ බයක් ඇතිවෙන්න?
එහෙනම් ගෙදර අයට ඔයා ගැන කිසිම බයක් නැතුව ඇති?
ඩිනක්ෂි හැඩකාර තරුණියක් නිසා පෙම්වතෙක් ඇති?
ඒක අමූලික බොරුවක් වෙන්න බැරිද?
එහෙම කතා බහ කරපු දේවල් වුණත් ඒවා එක පාර අමතක කරන්න පුළුවන්ද?
ඔයා කතා බහ කරපු අය කී දෙනෙක් විතර ඉන්නවාද?
ඔයාට හරි හමන් පෙම්වතෙක් මුණ නොගැහෙන්න හේතුව?
ඔයා බඳින්න හොයන්නේ සල්ලිකාරයෙක්ද?
නිළියක්ට විය පැහැදම් කරන්න සාමාන්‍ය රස්සාවක් කරන කෙනකුට පුළුවන්ද?
ඔයා සාම්ප්‍රදායික බිරිඳක් නෙවෙයිද?
නංගිලාගේ ආදර කතා අක්කාට අතට අහුවුණු දවසක මොකද කරන්නේ?
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ නේද?
ඩිනක්ෂිට මේ ගැන නම් හොඳට අත්දැකීම් තියෙනවා වගේ?
ඔව් මගේ උපාධියේ දෙවැනි වසරේ විභාගය කළා. ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධ උපාධියක් තමයි මම කරන්නේ.
නැහැ ව්‍යාපාරිකාවක් නෙවෙයි. හැබැයි රස්සාවක් කරයි.
කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?
කලා කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා හිටියා. ළඟදි රූගත කිරීම් කටයුතුවලට කෑගල්‍ලේ යන්නත් වුණා.
ඈත යනවා නම් අම්මා අනිවාර්යයෙන්ම එනවා මාත් එක්ක. මේ දවස් ටිකේ පොඩි නංගී O/L කරනවා. අම්මා එයාගේ වැඩවල තමයි ඉන්නේ. හැබැයි අම්මාට මාත් එක්ක එන්න පුළුවන් හැම වෙලාවකම එනවා.
නැහැ. මට තාම එහෙම ගැටලුවක් මතුවෙලා නැහැ.
නැහැ. මට මාව විශ්වාසයි. එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා.
බයක් නැද්ද කියන දේ නෙවෙයි. එයාලා අපිව විශ්වාස කරනවා.
විවාහ ආරාධනා නම් එනවා. ඒත් පෙම්වතෙක් නම් මට තාම නැහැ.
කතා බහ කරලා දැන අඳුන ගත්ත අය ඉන්නවා. කොහොමත් ආදරය කරන්න කලින් ඒ කෙනාව අඳුර ගන්න එපායැ. ටික කාලයක් මෙහෙම හිටියාම මගේ සිතුම් පැතුම් එක්ක නොගැළපෙනවා නම් ඒවා එහෙන්මම අපේ ජීවිතවලින් අයින් වෙනවා.
කාත් එක්ක හරි කතා බහ කරන එක ගොඩක් සාමාන්‍ය දෙයක්්. කොහොමත් ලොකු බැඳීමක් තිබුණොත්නේ දුකක් ඇතිවෙන්නේ. මම එහෙම ලොකු බැඳීමක් මම කාත් එක්කවත් තියාගෙන නැහැ.
එහෙම නැහැ. හැබැයි මම කතා බහ කරලා දැන අඳුනගෙන හිටපු හැමෝම දෙමව්පියෝ දැනුවත්ව තමයි හිටියේ.
එහෙම ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. අධ්‍යාපන කටයුතුත් එක්ක ප්‍රේමවන්තයෙක් හොයාගන්න වෙලාවක් නැහැ.
අනේ නැහැ සාමාන්‍ය සරල සිතුම් පැතුම් තියෙන, රස්සාවක් කරන කෙනෙක් හිටියොත් හොඳටම ඇති.
එහෙම නැහැ. කොහොමත් මම ලොකුවට වියදම් කරන්නේ නැහැ. අපි වියදම් කරන්න හැදුවත් අම්මා ඒක පාලනය කරනවා.
කොහොමත් මම රස්සාවක් කරලා මුදල් හම්බ කරගෙන ලස්සනට ඉන්න තමයි කැමැති. බඳින කෙනාගෙන් සල්ලි ඉල්ලන්න මම කැමැති නැහැ.
කොහොමත් මම සාම්ප්‍රදායික කෙනෙක් නෙවෙයි.
කවුරුහරි ආදරය කරද්දී අපි එයාලට මොනවා කිව්වත් එයා ඒවා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා කාලයට ඉඩ දෙන්න වෙනවා.
සම්පූර්ණයෙන්ම නිදහස දෙනවා කියලා මම කිව්වේ නෑනේ. දෙමව්පියෝ දැනුවත්ව කතා බහ කළාට කමක් නැහැ. කොහොමත් එකපාර කසාද බඳින්න බැහැනේ. හැබැයි කාලයත් එක්ක නොගැළපීම් තියෙනවා නම් වෙන් වෙයි. නංගි කියන්නෙත් සාමාන්‍ය තරුණියක්නේ.
අත්දැකීම් තියෙන්නම ඕනේ නැහැනේ. මගේ යාළුවොත් මාව විශ්වාස කරලා ගොඩක් දේවල් කියනවා. හැබැයි මට මොන දේ කිව්වත් ඒවා තැන තැන ගිහින් කියන්නේ නැහැ.
No comments:
Post a Comment