”දියමන්ති මාලය පැළැන්ඳූ දිනේ
දුටුවාද වේදනාවන් මගෙ ඇස් දෙකේ
ඔබගේම මනමාලි වෙනතක් බලා
දුර යන්න සැරසේවි කඳුලක් දරා”
දුටුවාද වේදනාවන් මගෙ ඇස් දෙකේ
ඔබගේම මනමාලි වෙනතක් බලා
දුර යන්න සැරසේවි කඳුලක් දරා”
එලෙසින් ගීතයෙන් ආමන්ත‍්‍රණය කරන භාග්‍යා රංගනයෙන් මේ දිනවල අපට හමුවන්නේ, සුරවිමන (නිතී) ඉසිරිභවන (සෞන්දර්යා) බාලොලි මල් (රුවන්යා) යන චරිත වෙතිනි. අද අපේ කතා බහ එලෙසින් හමුවන භාග්‍යා සමඟයි.
.jpg)
උසස් පෙළ විෂයයන් හැදෑරුවෙ සංගීත අංශයෙන්. ඉන් පසුව කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරුවා. මේ අතරවාරයේදී මගේ යාළුවකු
.jpg)
ඇත්තටම එතුමා මට කිව්වෙ පොඩි ඉන්දිකා කියලයි. ඉන්දිකා උපමාලි අක්කා වගේම මාස්ටර් යටතේ හිටපු අපි ඔක්කෝම කරන කටයුත්තට ගොඩක් කැප වුණා. ඒ නිසා අපි මහන්සි වෙලා කළ දේවල් මාස්ටර් ඉහළින් අගය කළා.
.jpg)
ඔපෙරා ආදි ප‍්‍රසාංගික බොහෝ දේ අපි කළා. මාස්ටර් වියෝවීමෙන් පසුව, එතුමාගේ ”පිරිණිවන් මංගල්‍යය” ඔපෙරාවටත් මම දායක වුණා. දර්ශන රුවන් දිසානායක මහතා කළ කැන්ටාටාවටත් දායක වුනා. නමුත් ඉන්පසුව ඒවා දිගටම කෙරුනේ නැහැ.
.jpg)
ගායනය ආවාට ගියාට කළ හැකි දෙයක් නෙවෙයි. ඊට ඉතා පුරුදු පුහුණුවීමක් අවශ්‍යයි. අද යූ ටියුබ් මියුසික් ඔස්සේ මුදා හැර ඇති මගේ ”දියමන්ති මාලය” ගීතයට හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ.
.jpg)
දෙකටම එක වගේ කැමතියි. ඒත් ගායනයට වඩා අද රඟපෑම වෘත්තිය වෙලා. කොහොමටත් ගායනයෙන් හම්බ කරන්න මම කැමතිත් නැහැ.
.jpg)
සංගීතයේ විවිධ අංශ විවිධ පැතිකඩ තිබෙනවා. මම ඉගෙන ගත්තෙ ශාස්තී‍්‍රය අංශයෙන්. ගැයුම සහ සංගීතය මම දකින්නෙ ආධ්‍යාත්මික දෙයක් හැටියටයි. ඒ නිසා ඊට ඇති ගරුත්වය නිසාම, එය මුදල් මත කරන දෙයක් කර ගන්න කැමති නැහැ.
.jpg)
මම කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි. අද රඟපෑම වෘත්තිය කරගෙන සිටින නිසා, ගැයුම මම මගේ ආසාව නිසාම කරන දෙයක්. ඒ නිසා රඟපෑමේදී එහි අඩුපාඩුකම් ප‍්‍රවීණයින්ගෙන් දැනගෙන ඉතා හොඳ රංග ශිල්පිනියක ලෙස රටට කීර්තියක් ගෙන දීම අරමුණයි. අනෙක ගායනයේදී මම තවත් එක් ගායිකාවක් විතරක් වෙන්න කැමති නැහැ. සුදුසු නිර්මාණයක් පමණක් ගායනයෙන් දායක වෙනවා.
.jpg)
හොඳින් ගෙවිලා යනවා. ටිකක් වැඩ වැඩියි. ඒත් මම ඒකට කැමතියි.
.jpg)
ආදරයට මම ගොඩක්ම ආදරෙයි.
.jpg)
හරිම අවංක, සාධාරණව හිතන හරිම විශ්වාසවන්ත කෙනෙක්.
.jpg)
අවංක විශ්වාසවන්ත අයට.
No comments:
Post a Comment