Sep 19, 2013

ෂාරුක්ගේ “පුංචි පුදුමය”

ෂාරුක් ඛාන්ගේ “Chennai Express” චිත්‍රපටය මේ දවස්වල ලෝකය පුරාම සාර්ථකව තිරගත වෙනවා. ඒ අතරේදී ෂාරුක් තමන්ගේ අලුත්ම චිත්‍රපටය “Happy New “ year චිත්‍රපටයේත් වැඩකටයුතු පටන් අරගෙන.

මේ හැමදේම අතර තමන්ගේ පවුල වෙනුවෙන් වෙන් කරන්නත් ෂාරුක්ට ඕනෑ තරම් වේලාව තියෙනවාලු. ෂාරුක් ඛාන් බොහොම ආදරණීය, ඒ වගේම දරුවන්ව ඉතාම හොඳින් රැක ගන්න තාත්තා කෙනෙක් විදිහට බොහොම ප්‍රසිද්ධයි. ඒ නිසාම ෂාරුක් නිතරම තමන්ගේ දරුවන් තුන්දෙනා ගැන තමන්ගේ ට්විටර් පිටුවේ නොයෙක් දේ ලියන්නට අමතක කරන්නෙ නැහැ. 
පසුගිය දවසක ෂාරුක් ඒ විදිහට තමන්ගේ ට්විටර් පිටුවේ ලියපු සටහනක “පුංචි පුදුමයක්’ ගැන කියැවිලා තිබුණා. ඒ ලියැවිලා තිබුණේ ෂාරුක්ගේ එකම දුව සුහානා ගැන. ‘මට පුදුම හිතෙන දෙයක් දකින්න වුවමනා වුණාම මම කරන්නෙ මගේ දුවගේ ඇස් දෙක දිහා බලන එක. ඒ ඇස් දෙක දිහා බලන හැම වෙලාවෙම මම මට වුවමනා පුදුමය දකිනවා. ඒ ඇස්වල නින්දත්, නොනින්දත් අතර තියෙන්නෙ හරි අමුතු පෙනුමක්. ඇත්තටම ඒ ඇස් නටනවා.” ෂාරුක් තමන්ගේ ට්විටර් පිටුවේ ලියා තිබුණේ එහෙම. දුව ගැන වගේම ඔහු තමන්ගේ දහසය හැවිරිදි පුතා ආර්යයන් සහ තවමත් මාස කිහිපයක් වයසැති අබිරාම් ගැනත් විටින් විට තමන්ගේ ට්විටර් පිටුවේ සටහන් කරනවා.

No comments:

Post a Comment