විලියම් කුමරුගේ රාජකීය මංගල්‍යයෙන් පසුව බොහෝ දෙනා විමසිලිමත් වූයේ හැරී කුමරු තමන්ගේ සහකාරිය ලෙස කවුරුන් තෝරා ගනීදැයි දැන ගන්නටයි.
දැන් විලියම් කුමරුගේ පවුලට අලුත් සාමාජිකයකු ද එක්වී මාස කිහිපයක් ගත වී ඇති නිසා යළිත් හැරී කුමරුගේ විවාහය ගැන කාගේත් අවධානය යොමු වෙලා. ඒ අතර හැරී දැන් තෝරාගෙන සිටින සහකාරිය ගැන කේට් කුමරියගේ කැමැත්තක් නැති බව හෙළි වීම හැරීගේ විවාහය ගැන වැඩිපුර කතා කරන්නට හේතුවක් වෙලා. හැරීගේ කේරසිඩා බොනාස්ගේ ආදර කතාව ගැන මුලින් ආරංචිය ලැබුණු ගෙවුණු අවුරුද්දේ මැයි මාසයේ සිටම කේට් කුමරියගේ අකැමැත්තක් තිබි ඇතත් ඇය මතෛක් ඒ බව හෙළි කර තිබුණේ නැහැ.
කේට් කුමරිය කේරසිඩාට මෙතරම් අකැමැති වීමට හේතුව කේරසිඩාගේ වැඩිමහල් සොහොයුරිය ඉසෙබෙලා කලක් විලියම් කුමරුගේ පෙම්වතියකව සිටීමයි. 2007 අවුරුද්දේදී විලියම් සහ කේට්ගේ සබඳතාව දෙවැනි වර බිඳී ගිය කාලයේදී ඉසෙබෙලා විලියම් කුමරුට ළං වී තිබෙනවා. නමුත් ටික කලකට පසු කේට් නැවත විලියම් සමග තිබුණු සම්බන්ධය අරඹා ඇත්තේ “ඉසෙබෙලා සමග නැවත කිසිදාක කතා කරන්නෙ නැත” යන පොරොන්දුව ලබාගෙන බවයි කියැවෙන්නේ. ඉසෙබෙලා මෑතකදී ඇගේ පෙම්වතා සමග විවාහ වූ නමුත් විලියම්ගෙන් ලබාගත් මේ පොරොන්දුව අවලංගු කර දැමීමට කේට් තවමත් සූදානම් නැති බවක් ඇය හැරීගේ පෙම්වතියට දක්වන අකැමැත්තෙන් පෙනෙනවා. ඉසෙබෙලා සහ කේරසිඩා අතර පවා කිට්ටු සබඳකමක් නැති බව කියැවුණත් හැරී කුමරු කේරසිඩා හා විවාහ වුවහොත් පැරණි සබඳකම් අලුත් වනු ඇති බව කේට් කුමරිය සිතන බවයි. මේ ආරංචිය දැනගත් කවුරුත් කියන්නේ හැරීගෙත් කේරසිඩාගේත් ආදරය විවාහය තෙක් යා යුතු නැහැ කියා කේට් කුමරිය කියා ඇත්තේ ඒ නිසා බවයි.
No comments:
Post a Comment