යාල්දේවි ජනපතිත් රැගෙන අද කිලිනොච්චියට
උතුරත් දකුණත් යා කළ යාල්දේවි දුම්රිය වසර 23කට පසු අද 14 ජනාධිපති මහින්ද රාජපක්ෂ රැගෙන කිලිනොච්චිය බලා පිටත්ව යාමට නියමිතය. ඉන්දියානු රජයේ ණය ආධාර මත ඉදිකරන ලද උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය දක්වා වූ දුම්රිය මගද කොමර්ෂල් බැංකුව විසින් ඉදිකරණ ලද කිලිනොච්චි දුම්රිය ස්ථානයද ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනතා අයිතියට පැවැරීමට නියමිතය. මේ අනුව අද සිට කොළඹ කොටුව සිට කිලිනොච්චිය දක්වා යාල්දේවි දුම්රියද රාත්රී තැපැල් දුම්රියද කොළඹ සිට නගරාන්තර දුම්රියක් ද ධාවනය කිරීමට නියමිතය.
No comments:
Post a Comment