ඩොලරය අවසන්… චීනය මීළග ලෝක මුදල් ඒකකය නිර්මාණය කිරීමේ වෑයමක
චීන යුවාන් මුදල් ඒකකය ලෝක මුදල් ඒකකය බවට පත්කිරීම සඳහා පූර්ව
ක්‍රියාමාර්ගයක් ලෙස චීනය විසින් රත්රන් අධික වශයෙන් මිලදී ගනිමින්
ඇතැයි පීකිං විශ්වවිද්‍යාලයේ චීන කටයුතු පිළිබඳ විශේෂඥ ආචාර්ය තොර්ස්ටන්
පැට්බර්ග් පවසයිි.
ආසන්න දිනයකදීත් හොංකොංහි අලෙවි මධ්‍යස්ථානයක් හරහා රත්රන් ටොන් සිය
ගණනක් චීනය විසින් මිලදීගත් බවත් ඉදිරියේදී රන් මිල ඉහළ යාමට පවා මෙය
හේතුවිය හැකි බවත් ඔහුගේ මතයයි.
වත්මන් චීන රජයට දැනට පවතින 7.5ක ආර්ථික වර්ධනය ප්‍රමාණවත් නොවන හෙයින්
බදු ඇතුළු ප්‍රතිසංස්කරණ යෝජනා ගණනාවක් අළුතින් එක්කර ඇති බව පැට්බර්ග්ගේ
අදහසයි.
චීනය යනු ප්‍රතිසංස්කරණ මත දුවන ආර්ථිකයක් බවද ආයෝජන ආර්ථිකයක සිට
දේශීය පරිභෝජනය පිළිබඳ වැඩිපුර සිතන බව මේ හරහා දක්නට ලැබෙන බවද ඔහු පවසා
ඇත.
නමුත් ආර්ථික වර්ධනයට සාපේක්ෂව චීනයේ දේශපාලන පරිණතභාවය දුර්වල බවත්
යුරෝපීයයන් සහ ඇමරිකානුවන් සමග එකට පවතින්නේ කෙසේද යන්න හැකි ඉක්මනින්
සොයාගත යුතු බවත් තෝර්ස්ටන් පැට්බර්ග් පවසයි.
No comments:
Post a Comment