Sep 12, 2013

‘බුද්ධ’ චිත්‍රපටය නේපාලය තහනම් කරයි

ඉන්දියාවේ සී. ටී. වී. ආයතනය නිපද වූ බුද්ධ චිත්‍රපටය නේපාලයේ කේබල් රූපවාහිනි මෙහෙයවන්නන් විසින් වාරණයකට ලක්‌ කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ බුදුන්වහන්සේ උපත ලැබුවේ ඉන්දියාවේ යයි එම චිත්‍රපටයේ සඳහන් වීමයි.

බුදුන්වහන්සේ උපත ලැබුවේ නේපාලයේ යයි නේපාල බලධාරීහු පවසයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු කබිර් බෙඩී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කරමින් බුදුන් වහන්සේ නේපාලයේ ලුම්බිනියේ උපත ලබා ඇති බව පළ කළේය.

ඔහු තවදුරටත් පැවසූවේ එකී චිත්‍රපටයේ බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලද බවට සඳහන් වීම ගැන තමන් නේපාලයෙන් සමාව යදින බවයි.

No comments:

Post a Comment