හදවත උදරයේ තබාගෙන වසර විසිහතරක් ගෙවූ තරුණයෙක්
ඉපදුන දින
සිට ඉතා දිගු වූ වසර විසිහතරක කාලයක් සිය හදවත උදරයේ දරාගනිමින් දැඩි
ශාරීරික දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගෙවූ චීන ජාතික තරුණයකු වන ‘හුවැන්ග්
රොන්ග්මින්’ හට ජීවිතයේ පළමුවරට අපහසුවකින් තොරව සෘජුව සිටගනිමින් ඇවිදීමට
පසුගිය දිනකදී හැකියාව ලැබිණි. මීට පෙර ඇවිදීම වැනි සරල ක්‍රියාවක් වුවද
හති වැටීමකින් හා සිරුර නිල් පැහැ ගැනීමකින් තොරව කිරීමේ හැකියාවක් නුවූ
හුවැන්ග් පසුගිය දිනකදී සිය මුළු ජීවිතයම වෙනස් කරන ආකාරයේ සැත්කමකට මුහුණ
දෙන ලද්දේ එතෙක් කලක් උදර කුහරයේ පිහිටි ඔහුගේ හදවත එහි නියම පිහිටීම වන
උර කුහරය තුළ යළි කඩිනමින් ස්ථාපිත නොකළහොත් ඔහුගේ ජීවිතය දැඩි අවදානම්
සහිත තත්ත්වයකට පත්වනු ඇති බවට වෛද්‍යවරු විසින් කළ අනතුරු ඇඟවීම නිසාය.
උපතින්ම
හදවත මෙබඳු වැරදි ස්ථානයක පිහිටීමේ තත්ත්වය නොහොත් ආප්න්ම හදවත් විස්තාපනය
සිදුවනුයේ උපත් මිලියනයකට පහක් වැනි ඉතාම විරල සම්භාවිතාවකින් වන අතර එබඳු
විකෘතිතාවක් ඇතිව උපදින බිලිඳුන් උපතින් නොබෝ වේලාවකින්ම මිය යෑම සිදුවේ.
නමුත් එබඳු අභියෝග සියල්ලම ජයගෙන ජීවිතය ජීවත්කරවීමට සමත් වූ හුවැන්ග් හට
සැත්කම සිදු කර ගැනීමට හැකි වූයේද මාධ්‍ය වෙතින් ඔහුට ලබා දුන් පුළුල්
ප්‍රචාරය හේතුවෙන් ලද මූල්‍ය ආධාරයන්ට පින්සිදු වන්නටය. අන් අය පරිදි
සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවසානයේදී හැකියාව ලැබිම තමාගේ ජීවිත සිහිනය
සැබෑවීමක් බව හුවැන්ගේ පවසන්නේය.
සැත්කමට
පෙරාතුව උදර කුහරයේ පිහිටි හුවැන්ග්ගේ හදවත තුනී සමින් පමණක් ආවරණය වී
පිටතට නෙරාවිත් තිබුණු අතර එය කම්පනය වන අයුරු දැකීමද බිය උපදවන සුළු
අත්දැකීමක් බවට පත්ව තිබුණි. කොටින්ම සිය පුතු උපන් ආකාරය දුටු හුවැන්ග්ගේ
දෙමාපියන් වුවද ඔහු ජීවත්වනු ඇති බව නොසිතූවද සාමාන්‍ය දිළිඳු ගොවීන් වූ
ඔවුන්ට සිය පුතු ජීවත් කරවීම සඳහා සැත්කමක පිහිට පැතීමේ වත්කමක්ද නොවීය. මේ
නිසාම හදවතට අනතුරක් සිදු වී හෝ සිය පුතු මියයනු ඇතැයි බියෙන් නිතර පෙළෙනු
ලැබූ හුවැන්ගේ දෙමාපියන් හට ඔහුගේ කෙළිලොල් දඟකාරකම්වලට සීමා මායිම්
පැනවීමටද සිදුව තිබිණි. එසේ නැතිව වුවද සිරුරම නිල් පැහැ නොගැන්වී සිට
ගැනීමේ මෙන්ම හති නොවැටී අඩි කිහිපයක් හෝ ඇවිද යාමේ හැකියාවක්ද හුවැන්ග්ට
නොවීය. කවදා හෝ නොසිතූ මොහොතක තමා මිය යනු ඇතැයි යන බියෙන් ජීවත් වූ
හුවැන්ග්ව පසුගිය මාසයේදී පූර්ණ පරීක්ෂාවකට බඳුන් කළ ‘වුහාන් යුනියන්’
රෝහලේ වෛද්‍ය හෘද ශල්‍ය විශේෂඥ
වෛද්‍ය ඩොන්ග් නියැන්ගු කියා සිටින ලද්දේ ඒ වනවිටත් හුවැන්ගේ තත්ත්වය බරපතළ
වී ඇති හෙයින් කඩිනමින් සැත්කමක් හරහා ඔහුගේ හදවතේ පිහිටීම නිවැරැදි කර ගත
යුතුව ඇති බවයි. මාධ්‍ය මගින් ඔහුට ලබාදුන් පුළුල් ප්‍රචාරය හේතුවෙන් දින
හයක් වැනි කෙටි කාලයක් තුළදී සැත්කම සඳහා ඇවැසි යුවාන් දෙලක්ෂයක මුදල සොයා
ගැනීමටත් පැය දහයක සැත්කමකින් පසුව ජීවිතයේ පළමුවරට සාමාන්‍ය ජීවිතයක්
ලැබිමටත් හුවැන්් වාසනාවන්ත විය.
No comments:
Post a Comment