දෙරණ, තාරකා නර්තන තරගාවලිය ‘දෙරණ සිටි ඔෆ් ඩාන්ස්’(City of Dance - The ultimate level) දැන් තිබෙන්නේ අවසන් අදියරේ නර්තන දස්කම් ඇති තරු 25 ක් අතුරෙන් චන්න විජේවර්ධන, දිල්හානි ඒකනායක සහ කෙවින් ලෝගාගෙන් සමන්විත විනිසුරු මඩුල්‍ලේ තීරණයෙන් තේරී පත්වුණු තරු 10 ක් අවසන් අදියරේදී සිය දස්කම් පෙන්වන්නට සූදානම්.
සුරාජ් මාපා, සාලිය සත්‍යජිත්, ධනුක දිල්ෂාන්, සශිත ඇන්තනී, මේනකා මධුවන්ති, මහේෂි මධුසංඛා, හෂිනි ගෝනගල, අචිනි ගුණරත්න, සජානා වනිගසූරිය සහ නිරාෂා සෙව්වන්දි අවසන් වටයට තේරුණු තරු දස දෙනයි.
අවසන් තරගය තෙක් එන ගමනේදී සෑම සතියක් පාසාම තරගකරුවන්ට එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ සිය නර්තන හැකියාව පෙන්වීමේ අවස්ථාව හිමිකර දීමට දෙරණ City of Dance - The ultimate level වේදිකාව සූදානම්. මතෛක් ජාත්‍යන්තර මට්ටමේ රියැලිටි වේදිකාවල පමණක් දුටු වෙනස් ආකාරයේ තේමාවන් යොදාගෙන ඇති අතර අපේ රටේ සාම්ප්‍රදායික නර්තනයන්, ඉන්දියානු ශාස්ත්‍රීය නර්තනයන් ආදි සුවිශේෂී තේමාවන්ද එයට ඇතුළත්. මෙවැනි තේමාවන් තරු නර්තන තරගාවලියකට යොදා ගන්නා පළමු තරගාවලිය ලෙසත් මෙවර City of Dance - The ultimate level හැඳින්විය හැකියි.
මෙවර තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 9 වැනිදා මහරගම තරුණ සේවා සභාවේදී සජීවීව දැකගත හැකි අතර එතෙක් සෙනසුරාදා රාත්‍රී 9 ට දෙරණ නාලිකාව ඔස්සේ සෑම තරගයක්ම නැරඹිය හැකියි. තරගාවලියේ නිවේදන කටයුතු සිදුකරන්නේද තවත් ජනප්‍රිය තරුවක් වන අනර්කලී ආකර්ෂා විසින්.
No comments:
Post a Comment